1936 වර්ෂයේ සුල්තානාගොඩ ගාල්ල වත්තේ පෙරේරා මහතා විසින් පරිත්‍යාග කරන ලද අක්කර 01යි රූඩි 01 ක ප්‍රමාණයෙන් යුතු ඉඩමක පාසල ආරම්භ කර ඇත. ආරම්භයේදී සිසුන් 30 ක් පමණ සිටි බව වාර්තා වේ. 1942 වර්ෂයේ ජූලි මාසයේ දිනෙක රජයට පවරා ගන්නා අවස්තාවී විදුහල්පති ලෙස අබේංග කංකානම් ගමාච්චිගේ සියදෝරිස් මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇති අතර එක උප ගුරුවරයෙකු සේවය කොට ඇත.
1942.12.31 දින ජි. සූරිය ආරච්චි මහතා විදුහල්පති ලෙස සේවය භාර ගෙන ඇත. වර්ෂ 1943 වන විට පාසලේ සිසු සංඛ්‍යාව 220 දක්වා වැඩි වී ඇති අතර 1944 වන විට සිසුන් 260 දක්වා වර්ධනය වී ඇත. 1942.12.31 දින සිට 1948.05.31 දින දක්වා කාලය තුල ගුරු දෙගුරු සංගමය විසින් ළිදක් වතුර ටැංකියක්, ගොඩනැගිල්ලක් සාදා තිබේ. එම ගොඩනැගිල්ලේ වහලය තනා ඇත්තේ රත්නසේකර මහතා විසිනි.
1948.05.31 දින කේ. ඩි. පෙරේරා මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර ගුරු මණ්ඩලය 08 දෙනෙක් විය. සිසුන් 431 දක්වා වර්ධනය් වී ඇත. මෙම වකවානුව තුල 20*20 ප්‍රමාණයේ තාවකාලික ගොඩනැගිල්ලක් සහ 50*20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක්ද තිබිණි.
1951 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 448ක් වූ අතර ගුරු මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත විය. 1953 වර්ශයෙදී ශිෂ්‍ය සංඛ්‍යාව 522ක් දක්වා ඉහල ගිය අතර 1954 වර්ෂයේ විදුහල්පති ධූරය දැරුයේ එම්. ඩී. ඒ. ගුණසේකර මහතාය.
1956-1970 දක්වා කාලය තුල විදුහල්පති ධුරය දර ඇත්තේ එම. එම. ඒ. නානායක්කාර නමැති මහතෙකි. මෙම කාල සීමාව තුල ගොඩනැගිලි කිහිපයක්ම ඉදි කොට ඇත. 1961 වසරේ 120*20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් තැනීම අරඹා ඇත. මෙම ගොඩනැගිල්ල විදුහලේ ගුරු දෙගුරු සංගමය මගින් ඉදි කිරීම සිදු කොට ඇති බව සඳහන් වේ. තව ද මෙම කාල තුල 60*20 ප්‍රමාණයේ ගොඩනැගිලි 02ක් ඉදි කොට ඇත. 1965 වර්ෂයේ 16*72 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් තනා ඇති අතර එම ගොඩනැගිල්ල අද වන විට සම්පුර්ණයෙන් අබලන් වී ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1936 ජුනි 20 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
30 |
|
මුල් ගුරුතුමාගේ නම |
අබේසිංහ කංකානම් ගමාඅරච්චිගේ සියදෝරිස් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
1 |
|
පාසලේ නම |
මාර/ අකුරුගොඩ ක.වි |
|
පාසල භාරව කටයුතු කිරීම |
අබේසිංහ කංකානම් ගමාඅරච්චිගේ සියදෝරිස් මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1942 ජූලි |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මාතර අකුරුගොඩ ගම්මානයේ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සදහනක් නැත |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
සදහනක් නැත |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1936 |
{QF3=5}