නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/ අකුරුගොඩ ක.වි

වසර අසූ තුනක දිගු ඉතිහාසයක් හිමි අප පාසැල අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් සංවර්ධනය වෙමින් පවතින පාසලකි. ගුණ නැණ බෙලෙන් යුතු සිසු දරු පිරිසක් ලොවට දායාද කරමින් පාසල් අතර ප්‍රමුඛයා බවට පත් වීම අප අධිඨනයි. එම අරමුණ සාක්ෂාත් කරගනු වස් මා සහ විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයම කැප වී සිටින්නෙමු.
වර්තමානය වන විට තොරතුරු හා සන්නිවේදන අංශය අධ්‍යාපන ක්ෂේත්‍රයට මහගු පිටුවහලක් වී ඇති බව අප සැවොම දන්නා කරුණකි. එබැවින් පාසල පිළිබද තොරතුරු ඇතුලත් මෙම වෙබ් අඩවිය තුලින්ද අප පාසලේ අධ්‍යාපන කටයුතු නගා සිටු වීම සදහා මනා රුකුලක් ලැබෙන බව මාගේ විශ්වාසයයි. මේ තුලින් අපගේ අරමුණු ජයගෙන මනා ගුණ නුවනින් යුතු දරු පිරිසක් දයට දායාද කිරීමට හැකි වේවායි යන්න මාගේ පැතුමයි.
එස්. සමිත හිමි
නියෝජ්‍ය විදුහල්පති
මාර/ අකුරුගොඩ ක.වි